2023.12.31 දින Lenovo IdeaPad Flex 5 14ABR8 – Ryzen 7 ලැප්ටොප් එකක් Technocity Pvt ltd වෙතින් රු 2,75000 මුදලකට මිලදී ගනු ලැබුවා.
මිලදී ගත් මොහොතේ ලබා දුන් invoice එක තමා මේ තියෙන්නේ. Ryzen 7 වෙනුවට Ryzen 5 එකක් තමා දාලා තියෙන්නේ එම මිලටම. Performance පරික්ෂා කිරීමේදී තමා දැන ගන්න පුළුවන් වුණේ වැරදි ලැප්ටොප් එකක් ලබා දීලා තියෙන්නේ කියලා.ඔහුන්ට ඒ බව දැනුම් දුන්නා.
මම ඇහුවා ඔයාලාගේ System එකෙන් කොහොමද මෙහෙම බිලක් නිකුත් වුණේ කියලා ?
ඔහුන් වරද පිළිගෙන ලැප්ටොප් මාරු කරලා දෙන්න කටයුතු කරනු ලැබුවා.මෙහි තියෙන ලොකුම අවුල වෙන්නේ මේ වෙනකන් Ryzen 7 මිලදී ගත්ත අයට මොහුන් ලබා දී තියෙන්නේ Ryzen 5 ද යන්න ප්‍රශ්නයයි.
ඔහුන්ගෙන් වරද නිවැරදි කිරීමෙන් පසු ලබා දුන් invoice එක
මෙය ඇත්තට සිදු වූ අතපසු වීමක් වෙන්න බැහැ යන්න මාගේ හැගීමයි.
laptop.lk හරහා ලැප්ටොප් මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න.


